Monday, February 9, 2015

ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් ලෝගො සහ ඒවායේ සැඟවුණු තේරුම.................

ෆීඩෙක්ස් 


ඔයා දැක්කද E,X අකුරු අතරෙ තියෙන ඊ තලේ ඒකෙන් මෙයාල අදහස් කරන්නෙ එයාලගෙ තියෙන්නෙ ක්ෂණික සේවයක් කියල. වෙන්න ඇති නේද. මන් නම් හරියටම දන් නෑ හැබැයි ඊ තලයක් තරම් වේගවත් සේවාවක් මෙයාලගෙ තියෙන්න බැරි නෑ 

ඇමසෝන්

ඔයාට පේනව නේද එයාලගෙ ලෝගො එකේ a අකුරෙ ඉඳන් z දක්වා ඊතලයක් එයාල ඒකෙන් කියන්නෙ එයාල ගාව a to z හැම දෙයක්ම තියෙනව කියල තියෙන්නෙ මොනවද කියලනම් මගෙන් අහන්න එපා........ හැබයි එයාල කියන්නෙ ඒ දේවල් ඔක්කොම එයාල ගාව තියෙනව කියල 

ජිලට් 

මොකක්ද මෙයාලගෙසීන් එක මෙයාල එයාලගෙ ලෝගො එකට දාල තියෙනව කැපුම් පාරක්, ඔයා දැක්කද G i අකුරු වල අමුතු විදියට කැපුම් පාරක් වගේ ඉරක් අන්න ඒක තමා මෙයාලගෙ අදහස එක පාරටම හොයන්න බෑ හැබැයි ඔයාල බැලුවොත් ටිකක් ලන් වෙලා ඔයාලට පෙනෙයි, ඔයාල දන්නවනෙ ඉතින් ජිලට් කොම්පැනිය මොනවද කරන්නෙ කියල, ඉතින් හිතන්නකෝ එයාලගෙ ලෝගො එකේ අදහස එයාල හදන දේවල් එක්ක කොච්චර ගැලපෙනවද කියල............

LG 

මෙයාල මොකක්ද කියන්නෙ මෙයාලගෙ ලෝගො එකේ තියෙන්නෙ L හා G අකුරු කියල ඕන කෙනෙකුට පේනවනෙ, හැබැයි ඒක නෙමෙයි මෙයාල අපිට පෙන්නන්නෙ මෙයාල අපිට කියනව එයාලගෙ ලෝගො එකේ ටිකක් හොදට බැලුවොත් පුන්චි ළමයෙක්ගෙ මූණක් පේනවලු බලන්න පේනවද කියල......... පේනව නේද 

F 1 

මෙයාලගෙතියෙන එකනම් බැලූ බැල්මටම පේන්ව නේද එෆ් අකුරයි රතු පාට මෝස්තරේ අතරෙ තියෙන්නෙ එකනෙ නේද.......


Unilever 

මෙයාලගෙ ලෝගො එක හරිම නිර්මාණාත්මකයි බැලූ බැල්මටම කවුරුත් හිතන්නෙ මේ තියෙන්නෙ U අකුරනේ කියල. ඔව් මේ තියෙන්නෙ ඒක තමා හැබයි ඒ අකුර ඇතුලෙ තියෙන්නෙ මොනවද එයාල එයලගෙ ව්‍යාපාරික ලෝකෙ හදන නිෂ්පාදනවල සංකේත තමා ඔය තියෙන U අකුර ඇතුලෙ තියෙන්නෙ කොහොමද වැඩේ එළ නේද...............

No comments:

Post a Comment