Sunday, February 15, 2015

ඇයි මෙහෙම තොල් වලට වධ දෙන්නෙ............

ඉතියෝපියාවේ රෝවර් පහත් නිම්නයේ වෙසෙන සුර්මා ගෝත්‍රිකයන්ගේ කාන්තාවෝ අතර අමුතු අන්දමේ චාරිත්‍රයක් තිබෙනවා. ඔවුන්ගේ තොල් වෙතට පළඳින තැටි විශේෂ මෙම යක් තිබෙනවා. වයස අවුරුදු 15 සිට 18 අතර වයසේ දැරියන්  මෙම තොල් තැටි පළඳිනව. මෙම තැටි ඇතුළු කිරීමේදි යටි දත් දෙක ගලවනව මේ වෙනුවෙන් අරමුණු කිහිපයක් තිබෙනව.


දැරියන් වෙනුවෙන් වූ සහකරුවෙක් සොයා ගැනීමේදී තැටියට වැදගත් කමක් ලැබෙනවා.ගැහැණු දරුවාගේ තොල පළඳින තැටියේ විශාලත්වය අනුව සහකරුගේ පියාට දෑවැද්ද ඉල්ලා සිටින්න පුලුවන. ඔවුන්ගේ දෑවැද්ද වෙනුවෙන් ගවයන් හුවමාරු වෙනව. විශාල තැටියක් තොල තිබෙන දියණියක් වෙනුවෙන් හරකුන් හැටක් පමණ ඉල්ලා සිටින්න පියාට පුලුවන.
දැනට විශාලම තොල් තැටියේ වාර්තාව තබා සිටින්නේ අටාගේ එලිනි ඩැග්නි විසින්. එහි පරිධිය සෙ.මී.59.5 වෙන අතර විශ්කම්භය සෙ.මී. 19.5ක් වෙනව. මේ වන විට විශාල තොල් තැටිය වෙනුවෙන් ගිනස් වාර්තාව තබා සිටියේ සෙ.මී.15ක් විශ්කම්භය සහිත තැටියක් පැළඳි කාන්තාවක්. කොහොම වුණත් මේ සිරිතට ඉතියෝපියාවේ රජය තහනම් නියෝග පනවන්න සූදානම් නමුත් සම්ප්‍රදායට නතු වුණ සූර්මා ගෝත්‍රිකයන් ඒ වෙනුවෙන් එකඟතාවයට පත් කර ගැනීමත් අපහසුයිලු


1 comment: