Jonathan James
මෙන්න සුපිරිම වැඩ්ඩා මෙයාට ඉන්ටනෙට් එකේ අය කියන්නෙ කොම්රඩ් කියල ඒ කියන්නෙ අපේ භාෂාවෙන් 'සහෝදරය` කියල ඇයි දන් නෑ මෙයාට එහෙම කියන්නෙ මෙයා කියන තරම් වැඩ්ඩෙක්ද??????? ඔවුනෙ බලන්නකො පොරගෙ වැඩ කොහොමද කියල මෙයාව ඇමෙරිකාව විසින් වරද කරු කරල හිරෙත් දාල තියෙනව. හරිනෙ ඉතින් මෙයා හැක් කරල තියෙන නෙට්වර්ක් ගාන දිහා බලපුවාම මෙයාව හිරේ දාලත් මදි. අනිත් එක මේ ඔක්කොම මෙයා කරල තියෙන්නෙ අවුරුදු 15 වෙදිනෙ මෙයා බෙල් සවුත් ,මියාමි ඩේඩ්. ඇමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව හා නාසා ආයාතන වගේ ලොකු ලොකු තැන් තමා ඉලක්ක කරල තියෙන්නෙ පිස්සු නේ???? මෙයා නාසා නෙට්වර්ක් එක හැක් කරල නාසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගැන තොරතුරු ගොඩක් ඩවුන්ලෝඩ් කරල, මෙයා ගත්ත තොරතුරු වල සම්පූර්ණ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 1.7....... සෙල්ලම්ද ශෝන් කිවුවලු........!!!!!!! ඒක නෙමෙයිනෙ
වැඩේ මෙයා කරපු හානිය නිසා නාසා නෙට්වර්ක් එක සති තුනක් වහල තිබ්බලු නාසා නෙට්වර්ක් ආපහු හදන්න ඩොලර් 41000ක් ගියාලු.......... සෙල්ලම්ද අවුරුදු 15 කොල්ලගෙ වැඩ
මෙන්න අනිත් ඩයල් එක
Kevin Mitnick
මෙයාව ඇමෙරිකන් අධිකරණය හඳුන්වනු ලබන්නෙ වැඩිම උවමනාවක් තියෙන පරිගනක අපරාධකරු විදියට. මෙයා හැක් කලේ දෘෂ්‍ය ආම්පන්න සන්ගමයේ නෙට්වර්ක් එක. මේ කරපු දේ හින්ද මෙයාට අවුරුදු 3ක අත්හිටුවන ලද සිරදඬුවම් දීල. ඔය අවුරුදු 3 ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි මෙයා ඉලක්ක කලා ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක සඤ්ඤා පද්ධතිය. ඒකෙන් ඉස්සුව රහස් තොරතුරු ගොඩක්. ඊටපසු මෙයාව අධිකරණය විසින් වරදකරු කරල අවුරුදු 5කට හිරේ දැම්මා. ඔය අවුරුදු පහ ඉවර වුනාම එයා එලියට ඇවිත්
Mitnick Security Consulting, LLC. කියන පරිගනක ආරක්ෂක සේවය පටන් ගත්තලු
Albert Gonzalez
මෙයා කරපු දේවල් නම් කොහොමටත් අමතක කරන්න බෑ කියනව . ඇයි දන් නෑ එහෙම කියන්නෙ මෙයා දීපු ගේම තමා මිලියන 170ක ක්‍රෙඩිට් කාඩ් ඒටීම් කාඩ් වල නම්බර් උස්සපු එක, ඒ මදිවට මෙයා ෂැඩෝ කෘ කියල එයාගෙම කන්ඩායමක් හදාගෙන මේ වැඩේ කරල මේ ටීම් එක කරපු සම්පූර්ණ හානිය ඩොලර් මිලියන 4.3ක් කියනව
ටිජේඑක්ස් කියන කොම්පැනියෙ ඩේටාබේස් එකත් 2010 මෙයාගෙ ඉලක්කයක් වෙලා
හාට්ලන් ගෙවීම් පද්ධතියත් මේ අතරට එනව.
මේ කරපු හානි වලට නියම දඬුවමක් තමා දීල තියෙන්නේ
මෙයාව අවුරුදු 20කට හිරේ දාල.
අද ගෙනාවෙ හොදම තුන් දෙනා ගැන විතරනෙ තව ගොඩක් අය ඉන්නව අපිට කියන්න ඒ අය ගැන හෙට දිහාට කියන්නම්කො එහෙනම් අපිට අදට ආයිබෝන් ..........හිකිස් එහෙනම් අදට ගිහින් එන්නම්කො
No comments:
Post a Comment