Thursday, November 27, 2014

බස් එකට නගින හොල්මන

ඔන්න යාලුවොනේ අපේ බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එක විදියට කවුරුත් කැමති හොඳම හොඳ භය හිතෙන හොල්මන් කතාවක් ගෙනාව.
බස් එකට නගින හොල්මන ඔව් ඒක තමා මේකෙ නම .........................

කව්රු හරි අහල තියෙනවද ඇල්ල වැල්ල්වාය පාර ගැන අන්න ඒ පාරෙ තමා මේ කතාව අදටත් සිද්ද වෙන්නෙ මන් කතාවට බහින්නනම් ඔන්න ඇල්ල වැල්ලවාය පාරෙ හැමදාම රෑට 11ට විතර බස් එකක් යනව එයාලගෙ අන්තිම ටර්න් එක ඉවර කරල. මේ යන්නෙ ලංගම බස් එකක්ලු ඒ බස් එක ඩිපෝ එකට දාන්නලු යන්නෙ. ඔන්න මේ පාරෙ ටික දුරක් ගියාම පොඩි වංගුවක් හම්බු වෙනවලු, ඔය වංගුව පාස් කරල ටික දුරක් ඒ කියන්නෙ බස් හෝල්ට් දෙකක් විතර ගියාම හම්බු වෙන තුන්වෙනි බස් හෝල්ට් එකෙ ගෑණු කෙනෙක් ඉදල අත දානවලු ඉතින් මේ බස් එක එලවන් ඩයිවරුත් බස් එක නතර කලාලු එදා ගෑණු කෙනා බස් එකට නැග්ගට පස්සෙ බස් එක ආපහු යනවලු ඉතින් දිගටම, මේකනෙ සිද්දිය .................... ඔය ගෑණු කෙනා හැමදාම බස් එකට නැග්ගට කවරමදාකවත් ආපහු බස් එකෙන් බහින් නැහැ ඒ වගේම තමා බස් එක ඩිපෝ එකේ නතර කරන කොට ගෑණු කෙනා බස් එකෙත් නැහැ. ඒ ගෑණු කෙනා එයාට ඕන තැනින් බස් එක නතර කලත් නොකරත් බහිනවලු, ඒ විතරක් නෙමේ එයා නගින් හෝල්ට් එකෙත් බස් එක නතර කලත් නොකලත් එයා නගිනවලු ඔය සිද්දිය ගැන අපි ඒ පැත්තෙ කෙනෙක්ගෙන් ඇහුව........ එයා කිව්ව ඔය කියන ගෑණු කෙනා එයා ජීවත්ව ඉද්දි ඔය වෙලාවට තමාලු ඔය බස් එකට නගින්නෙ එක දවසක් අලුත් ඩයිවර් කෙනෙක් මේ ගෑණු කෙනාට බහින්න ඕනේ තැනදි බස් එක නතර කලේ නෑ මොකද ඒ තැන බස් හෝල්ට් එකක් නැති නිසා. මේ ගෑනි බස් එක නතර කරපු නැති නිසා බස් එකෙන් පැනල ඒ පැනල තියෙන්නෙ අන්තිම පැනිල්ල ඒ ගෑනි බස් එකෙන් පනිනකොට වැරදිල බස් එකෙන් වැටිල බස් එකටම යට වෙලා එතනම මැරිල, ඊට ටික කාලෙකට පස්සෙ තමා එතන හොල්මන් තියෙනව කියල කතාවක් පැතරිල තියෙන්නෙ බලන් ගියාම වැඩේ ඇත්ත මේ ගෑනි මැරිලත් ඒ බස් එකටම නගිනව හැමදාම ඒ වගේම එයාට ඕනෙ තැනින් බැහැලත් යනව බස් එක නතර කළත් නැතත් ඔන්න ඕකයි යාලුවනේ අපේ පලවෙනි පෝස්ට් එක හොදනම් ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා හොදේ

No comments:

Post a Comment